අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ආතර් ජැක්සන් විසින් රචිත ලිපි

උන්වහන්සේගේ හස්තයෙහි ආරක්‍ෂාව

පිටත කාලගුණය තර්ජනාත්මක විය. ජල ගැල්මක් එන බවට මාගේ ජංගම දුරකථනයට අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ආවේය. දරුවන් ගෙන යාම පිණිස අසාමාන්‍ය වාහන සංඛ්‍යාවක් අප නිවස අසළ බස් නැවතුම් පළ අවට සැරි සැරීය. බසය පැමිණෙන විට වර්ෂාව පටන් ගත්තේය. එක් ස්ත්‍රියක් තම රථයෙන් බැස කුඩයක් ඉහළා ගන්නවා මම දුටුවෙමි. ඇය කුඩා දැරියක් සමීප කර ගෙන ඇයව වර්ෂාවෙන් ආරක්‍ෂා කර ගෙන වාහනය වෙත…

ඔබගේ සහෝදරයාට ඇහුම්කන් දීම

"මම ඔබේ සහෝදරයා. ඔබ මට ඇහුම්කන් දෙන්න ඕනෑ". මෙම ඇවිටිල්ල අපගේ අසල්වැසි වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිටවිය. ඊට හේතුව ඔහුගේ මල්ලී වැඩිමහල් සහෝදරයාට පාලනය කර ගැනිමට නොහැකි දුරකට යමින් සිටි නිසාය. පැහැදිළිවම වැඩිමහල් සහෝදරයා ඒ අවස්ථාවේදී තත්ත්වය තීන්දු කිරීමට, වඩා හොඳ තැනැත්තාව සිටියේය.

සහෝදරයෙකුගේ හෝ සහෝදරියෙකුගේ හෝ අවවාද අප කී දෙනෙක් මග හැර ඇද්ද? ඔබට වඩා මුහුකුරා ගිය කෙනෙකුගේ අවවාද මග හැරීමට…

ස්ථිරව සිටින්නේ කෙසේද?

එය ඉතා ශීතල දිනයක් විය. මාගේ මනසෙහි තිබුණේ මා ගමන් කරමින් සිටි උණුසුම් වාහනයෙන් බැස උණුසුම් ගොඩනැගිල්ලකට යාමය. ඊළඟට මා දැන ගත්තේ මා බිමට බැස්ස බවය. මාගේ දණහිස් ඇතුළට නෙරා මාගේ පාද වල පහත කොටස් පිටතට නෙරා ගියේය. කිසිවක් බිඳුණේ නැත. නමුත් මම වේදනාවෙන් සිටියෙමි. වේදනාව කාලය සමග වැඩිවනු ඇත. මම සම්පූර්ණ සුවය ලබන්නට සති ගණනාවක් ගතවනු ඇත.

එවැනි වේදනාවකට…

මාගේ ආත්මය නිශ්චල වේවා!

ළදරුවෙක් දෙස නැවී සිටින මාපියෙකු සිතෙහි තබා ගන්න. ඇය ළදරුවාගේ නාසය සහ තොල් වලට ඉදිරියෙන් තම ඇඟිල්ල තබා ෂ්... ෂ්... යන ශබ්ද නගන්නේය. එම සරල වචන වල අර්ථය බලාපොරොත්තු කැඩී අසහනයෙන් හෝ වේදනාවෙන් සිටින පොඩි දරුවන් සැනසීමයි. එවැනි දර්ශනයන්ට වේලාවක් හෝ ස්ථානයක් හෝ නැත. අපගෙන් බොහෝමයක් මෙවැනි වචන ලබා ඇත. ලබා දී ඇත . ගීතාවලිය 131:2 මෙනෙහි කරන විට මාගේ…

අන්ධ මනුෂ්‍යයෙක්ගේ ආයාචනයක්

වසර ගණනාවකට පෙර මා සමඟ ගිය මිතුරෙකු දුටුවේ මා දුර තිබෙන දේවල් දැකීමට වීර්යයක් ගන්නා බවය. ඊළඟට ඔහු කළ දේ සරළය. එහෙත් ජීවිතය වෙනස් කරන සුළු විය. ඔහු තම උපැස් යුවළ ගළවා "මේක දාලා බලන්න" යයි කීවේය. මම එම උපැස් යුවළ දැමූ විට පුදුමයකි! මාගේ බොඳවූ දර්ශනය පැහැදිලි විය. පසුව මම දෘෂ්ඨි විශේෂඥයෙකු වෙත ගියෙමි. ඔහු දර්ශනය පැහැදිළි වන උපැස්…